වත්තුපම දේසනා -


ව්ත්තුපම සුත්‍රය මජ්ජිම නිකායේ මුල පන්නාසකයේ සත්වන සුත්‍රය වේ. මුළු සුත්‍රය සිංහලෙන් කියවන්නට Click Here .   චිත්තෝපක්ලේෂ ධර්ම ගැන අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ  ලියු පොත කියවන්න  CLICK HERE පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 ජුලි 5 දා සිට සෑම ඉරිදාවකම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවය මගින් දේශනාකළ සුත්‍ර විවරණයන් මෙහි ආරක්‍ෂිත ගොනුවකට එක් කරමු. 1. අභිජ්ජාව  :   විෂම ලෝභය  ලෙසින් බොහෝ විට හැඳින්වෙන උප ක්ලේශයයි. හමුවන රූපයක් (වර්ණ, ශබ්ධ, ඝන්ධ, රස, ස්පර්ශ රූපයක්) ගැන විපල්ලාසවූ සිතින් සිතා (එම රුපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව නොදැක) මේ රුපය මා සතුවෙයි  නම් හොඳ යැයි ඇතිවෙන සිතිවිල්ල හෝ තමනට අප්‍රිය  රුපයක් හමුවේ නම් මෙය   නැත්නම් මට සුවයක් වේයැයි කරන සිතිවිල්ල (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලොභය ) 2. ව්‍යාපාදය   :  පස් ආකාර රූපයෙන් ( වර්ණ රුප,  ශබ්ද රූප, ඝන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප )  යම් රුපයක් නිසා එම රුපයේ තිලක්ඛනය නොදැක, මේ රූපය, මේ වේදනාව මට අප්‍රිය ය. මා මෙයට අකැමැතිය. යන හැගීම නිසා සිතක ඇතිවන නොසන්සුන් අවස්තාව. මෙය අසහනය, තරහව, ක්‍රෝධය, වෛරය ආදී  සියල්ලේ මුල වූ  ප්‍රාථමික අවස්ථාවයි. 3. ක්‍රෝධය  :  අනුන් මට හානි කරයි. අනුන් “මගේ”  දේ වනසයි.. ආදී නොයෙක් ආකාර විපල්ලාස වූ සිතිවිලි සමග ව්යාපාදයේ වැඩීම එම ව්‍යාපාදය,  ක්රෝධය තෙක් දියුණු කරයි. 4. උපනාහය   (බැඳගත් වයිරය) ක්‍රෝධයේ තවත් දියුණු වූ අවස්ථාවක්ය. බද්ධ වෛරය ලෙසද මෙය හැඳින්වේ.  එය කලින් සඳහන් කල ක්‍රෝධය   නිසා අනුන්ව නසන්නට අනුන්ට හානි කරන්නට ආදී නපුරු දේ කරන්නට සිත් උපදවා ගැනීමයි. උපනාහය නිසා සිත බොහෝ සේ නොසන්සුන් වෙයි. කිසිම මොහොතක නිශ්චල සිතක් පහල නොවේ. මේ මාරාන්තික සුවකළ නොහැකි පිළිලයක් හට ගැනීම වැනි ඉතා නරක දෙයකි. 5. මක්ඛය  (අනුන්ගේ ගුණ මැකීම) : බොහෝ විට තමනට උදව්වක් කල කෙනෙකු ගැන නරක කීම, කෙනෙකුගේ කිසිදු හොඳක් නොදැක, නරක පමණක් දැකීම මේ නිසා සිදුවෙයි. හිත කෙලෙසන්නකි. 6. පලාසය:   තමාට වඩා උසස් කෙනෙක් (සමාජ පිළිගැන්මෙන්, ටානාන්තරයෙන්) තමා හා සමයයි සිතීම, තමාගේ දරුවන් අනෙක් අයගේ දරුවනට වඩා හොඳයි සිතීම, තමාගේ වස්තුන් අන්‍යයන් ගේ   වස්තුන්ට වඩා ශ්‍රේෂ්ඨ  යයි සිතීම, මෙය බොහෝ විට ඇතිවන්නේ මක්ඛය ද සමගමය. හිත කෙලෙසන්නකි. 7. ඊර්ෂ්‍යාව :      (ඉච්චා = අන්‍යායන්ගේ   සම්පත් නොඉවසීම):  තමා ‘මම’ යයි හගින මේ සංස්කාර පුන්ජයද මේ ‘මම“ ට අයත් දේට වෙනස් දේ අනෙක් ‘මම’ කට අයත් නම් ඒ ගැන ‘ව්යාපාදයක්’ උපදවා      ගනී. තමනට තමන්ගේ අයිතීන් නිසා ඇති සැපය , සුඛය සැමදා නොපවතින බව දැනෙන ඔහු ඒ අන්‍යය   පුද්ගලයා ට නිත්ය සැපයක් සුවයක් ඇතැයි සිතමින් මේ මනෝ සංඛාරය ඉපදේ. මෙයද බොහෝ සේ හිත කෙලෙසන්නකි. 8. මසුරුකම   (තමාගේ ඇති සම්පත් සැඟවීම):  පලාසය සමගම ඇතිවෙන මේ ධර්මය රූපයේ අසමානතාව සිය සැපය, සතුට ට බාධාවක්ය ඇති හැගීම නිසා තමන්ගේ දේ සැගවීම, නැති බවක් පෙන්වීම, තමන්ගේ සතුට සැප ය මෙසේ රැකගන්නට නිත්ය ලෙස තබාගන්නට හැකි යයි, ඇතිවෙන මේ ධර්මතාව ද හිත කෙලෙසන්නකි. 9. මායාව (රැවටිල්ල):   මෙය ඊර්ශාව නිසාම ඇතිවෙන ස්වභාවයකි. තමන්ගේ සිත කෙලෙස්වලින් කිලිටිවූ කෙනෙක් මේ මගින් අන්යන්ට ‘තමන් පිරිසිදු’යයි හගවයි. අන්‍යයන්  ධර්මයෙහි හැසිරෙමින් සතුටින් සැපයෙන් ඉන්නේමුත් තමන්ට එසේ සතුටක් සැපයක් නැති අයෙක් තමන් ද   සතුටින් සැපයෙන් ඉන්නේ ධර්මයෙහි හැසිරෙමින් බව පෙන්නීම හිත කෙලෙසන්නකි . 10. සඨබව (කෛරාටිකකම):   මෙය කලින් සදහන් කල ‘මායාව’ නිසා මතුවන තවත් ක්ලේශයකි. හදුනාගන්නට අසීරි මෙම උපක්ලේශය නිර්වාන මාර්ගය හෝ දුක්ඛ සත්ය හෝ තමනට වැටහෙන සේ සත්යයයි තමාම වංචා කර ගැනීමකි. අහිංසක වැරද්දක් ලෙස පෙනෙතත් සිතෙහි ඇති මෙම ධර්මය බොහෝ ලෙස අවැඩ පිණිස පවතී . 1 1. ථම්භය :   මෙය සාරම්භයට විරුද්ධ ධර්මයයි. “මෙය මගේ” යයි දැඩිව ගන්නේ සංඛාරයන්  ගේ තත්ය ස්වභාවය නොදක , මානයෙන් ඉදිමුණු ගතිය, හිත කෙලෙසන්නකි. 12. සාරම්භය :   මිච්චා දිට්ඨිය නිසාම තම්භයෙන් මතුවූ චෛතසිකයන් සසදන්නට යෑමෙන් තව තවත් ථම්භය තහවුරු වේ. වඩ වඩාත් මෙසේ එකට එක කිරීම නිසා නිදොස් කරගන්නට බැරිවෙන සේ හිත කෙලෙසෙයි. 13. මානය:   මුළුමනින්ම විපල්ලාස නිසා ඇතිවූ මිච්චා දිට්ඨි යේ ඵලය මෙයයි. මේ සංඛාර පුංජය “මම” වෙනත් පුන්ජයනට වඩා උසස්යැයි, පහත්යැයි හෝ සමාන යැයි ඇතිවෙන මේ ධර්මතාව ට හේතු සහ ප්‍රත්‍ය  වන ධර්ම නම් ඊර්ශාව , මායාව යි ඇතිවූ උඩඟු හැඟීම හිත කෙලෙසන්නකි . 14. අතිමානය (අධික මානය)  :  ඇතිවෙන්නේ සංඛාරයන් විපල්ලාස ලෙස දැක මිච්චා දිට්ඨිය නිසාම මානය වඩා ගැනීමෙනි. බොහෝ සේ හිත කෙලෙසන්නකි. 15. මදය :   තමන්ගේ වංශය, කුලය, ජාතිය, තනතුර, වයස ආදිය ගැන සිතා “මම” ට විසාල වටිනාකමක් දීම; මදය සේ හැදින්වේ. තම්භය සහ මච්චරිය හේතුන් ලෙස දැකිය හැක. මෙයද හිත කෙලෙසන්නකි. 16. ප්‍රමාදය   (පස්කම් සැපෙහි ඇල්ම) : ( පමාද විහරි සුත්රය   කියවන්න ) ඉන්ද්‍රිය  සංවරයෙන් තොරව ඉන්ද්‍රිය  අරමුණු ‘සුබයි’, ‘නිත්‍යයි’, “ආත්මයි” ලෙස  ගැනීම නිසා මනුෂ්‍ය භවයෙන් ගතයුතු ඵලය වූ සංසාර විමුක්තිය සදහා වෑයම් නොකිරීම ප්‍රමාදය යි. මෙය බොහෝ බලගතු ලෙස  හිත කෙලෙසන්නකි.