පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කල නිවන් මග දේශනා පෙළ Ududumbara Kashyapa himi…
Ranjith Daluwatta
තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අද නොයෙක් අයුරින් පරිහරණය කෙරේ. බොහෝ බෞද්ධයන් දැනුම වඩා ගැන්මට ධර්මය අධ්‍යයනය කරයි. බණ අසයි. ත්‍රිපිටකය කියවයි තමනුත් පොත් ලියයි. බණ දේශනා කරයි. මේ සියල්ල කරන්නේ "මම" පෝෂණය කරමින් තමා අන්‍යයන්ට වඩා ධර්ම ඥානයෙන් ඉහල බව පෙන්නීමට බව පෙනේ. මේ සම්බුද්ධ ධර්මය පාවිච්චියට ගන්නට වටින්නේ මේ බියකරු සසරෙන් මිදී සංසාරයෙන් විමුක්තිය ලබා ගන්නට විනා වෙන දෙයක් සඳහා නොවේ. හැකි තාක් දුරට ප්‍රායෝගික ජීවිත වෙනසක් කරගන්නටත් ඒ මගින් නිවන් මගට පිවිසීමටත් මේ දේශනා පෙළ ඔබට ආධාර වෙනු නියතය. පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගේ මේ ධර්ම දේශනා මාලාව සකස් කොට ඇත්තේ සීලය වඩමින් කෙලෙස් දුරු කරමින් කුසල් වඩමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්ති මාර්ගයට එලබීමට විනා ධර්මයේ සියුම් තැන් අල්ලාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට නොවේ. දිනපතා උදෑසන අටට බෞද්ධයා රුපවාහිනි නාලිකාවෙන් ප්‍රචාරය වුනු මෙම ධර්ම දේශනා පෙළ මෙහි අඩංගු කරමු. මේ පිටුවේ දේශනා අංක 1 සිට 100 තෙක් (2017-05-01 සිට 2017-08-12 දක්වා) අඩංගු වන අතර පහත යොමුවෙහි ඊළඟ දේශනා සියල්ල අඩංගු වේ. දේශනා අංක 101 සිට 200 තෙක් දේශනා සියලු දේශනා අසන්නට A series of Dhamma Talks on the way to liberation given by Ven Ududumbara Kasyapa maha Thero on the Buddhist TV net work during the year 2017.
Chapters
Reviews
නමෝ බුද්ධාය !
Dhanu031
බොහොමත්ම පින් මෙම ධර්ම දානයට. this is what is called wise use of technology